දේශීය

EPF, ETF ඇතුළු අරමුදල් ගැන කැබිනට් තීරණය

දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වාදීමට ආදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගුමාගේ නිෂ්කාශනය ද ලැබී ඇති බව සඳහන් වෙනවා.

දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, විශ්‍රාම වැටුප් අරමුදල හෝ පාරිතෝෂිත අරමුදල් සහ ඒ හා සමාන අරමුදල් විසින් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් උපයනු ලබන ආදායම මත අය වන ආදායම් බදු අනුපාතය වෙනස් කිරීම සඳහා දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වාදීම සඳහා ජුනි මස 28 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

7 days ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

1 week ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

3 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago