Tuesday, April 21, 2026
Homeදේශීයඉන්දියාව අද සඳ ගමන අරඹයි..

ඉන්දියාව අද සඳ ගමන අරඹයි..

ඉන්දියාවේ සඳ තරණය කිරීමේ ගමනට එක්වන චන්ද්‍රයාන් 3 යානය අද (14) පස්වරුවේ දියත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඉන්දියාව සිදුකරන මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් අමෙරිකාව,සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මතට ගොඩබෑමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනවා.

මෙම මෙහෙයුම දියත් කරන ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ අයතනය වන ඉස්රෝ මේ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 6.5ක් බව සඳහන් වෙනවා.

යානය ලබන මස 24වනදා සඳ වෙත ලඟාවීමට නියමිත බව වාර්තා වෙනවා.

file
file
READ:   අනුර කුමාර ස්වීඩනයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්