Tuesday, July 21, 2026
Homeදේශීයජේතවනාරාමයේ ජල කාන්දුව ගැන ගත් තීරණය..

ජේතවනාරාමයේ ජල කාන්දුව ගැන ගත් තීරණය..

අනුරාධපුර, ජේතවනාරාම දාගැබේ සිදුවන ජල කාන්දුව වැළැක්වීම සඳහා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එම කාන්දුවට ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

දාගැබේ පෞරාණික පෙනුමට බාධාවක් නොවන පරිදි හතරැස් කොටුවට ඉහළින් එම ආවරණය යොදන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළා.

දාගැබේ ගඩොල් අතර කුස්තුරවලින් එහි අභ්‍යන්තරයට එම ජල කාන්දුව සිදුවන බව පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා.

අනුරාධපුර රජකම් කළ මහසෙන් රජතුමා ඉදිකළ ජේතවනාරාම දාගැබ හැඳින්වෙන්නේ ලොව විශාලතම ගඩොල් නිර්මාණය ලෙසයි.

READ:   ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්