Saturday, April 18, 2026
Homeදේශීයරා වලට බද්දක්

රා වලට බද්දක්

රා සඳහා බද්දක් පැනවීමට රාජ්‍ය නව ආදයම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමේ කමිටුව යෝජනා කර තිබේ.

ඒ අනුව රා ලීටරයකට රුලියල් 10ක බද්දක් පැනවීමට කමිටුව අපේක්ෂා කරයි.

එමගින් රජයට රුපියල් දශලක්ෂ එකසිය පනස් හයක ආදායමක් අපේක්ෂා කෙරේ.

දිනකට රා ලීටර් එක් ලක්ෂ පනස්සහසක් නිෂ්පාදනය කරන බවත් ඉන් නිත්‍යානුකූලව නිෂ්පාදනය වන්නේ ලීටර් පනස් දහසක් පමණක් බවත් ඊයේ (13) මෙම කමිටු යෝජනාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවේ දී අනාවරණය වී තිබේ.

නිත්‍යානුකූල නොවන රා නිෂ්පාදනය හේතුවෙන් නිත්‍යානුකූල නිෂ්පාදකයින් ද ගැටලුවකට මුහුණ දී සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදී පවසා තිබේ.

ඒ අනුව රා නිෂ්පාදනය සඳහා බද්දක් අය කිරීමේ යෝජනාව හඳුන්වා දීමට අපේක්ෂා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

කෙසේවෙතත් රා සඳහා බද්දක් පැනවීමට යෝජනා වූ ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

READ:   UPDATE: ගුවන් යානය මෙහෙයුම නතර කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්