Sunday, August 2, 2026
Homeදේශීයමානව හිමිකම් වෙනුවෙන් පෙනි සිටි ක්‍රියාකාරියෙක් සහ සංවිධාන දෙකක් නොබෙල් සාම...

මානව හිමිකම් වෙනුවෙන් පෙනි සිටි ක්‍රියාකාරියෙක් සහ සංවිධාන දෙකක් නොබෙල් සාම ත්‍යාගය දිනා ගනි

මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටී බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකරිකයෙක් සහ යුක්‍රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් සඳහා ” නොබෙල් සාම ත්‍යාගය ” පිරිණැමීමට නෝවේජියානු නොබෙල් සාම ත්‍යාග කමිටුව තීරණය කර තිබෙනවා.

බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ‘ ආලෙස් බියලියැට්ස්කි ‘ සහ රුසියාවේ ‘ මෙමෝරියල් ‘ සංවිධානය, යුක්‍රේනයේ ‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස් ‘ යන සංවිධානයන් පුද්ගල මානව හිමිකම් සුරැකීම, නඟාසිටුවීම, කරුණු වාර්තා කිරීම ආදී කාරණාවන් හේතුවෙන් මෙලෙස නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුසුකම් ලැබුවා.

මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ ‘ ආලෙස් බියලියැට්ස්කි ‘ උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට පත්ව සිරගතකර සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන බවයි සඳහන් වන්නේ.

READ:   නීති විරෝධී ගිණි අවි ගබඩාවක් කටානෙන් වටලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්