ජපන් රජයේ ආධාර මත ඉදිකළ කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අනතුරට හෙළමින් සිදුවන ජාවාරමක් පිළිබඳව වාර්තා වෙනවා.
මත්කුඩුවලට ඇබ්බැහිවූවන් පාලමේ තඹ කම්බි හා ඇණ මුරුච්වි ගලාවාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
කොන්ක්‍රීට් ආවරණය වූ තඹ කම්බි මෙලෙස ගලවා ඇත්තේ රාත්‍රි කාලයේ දී කොන්ක්‍රීට් ආවරණය හොර රහසේ කඩා දමමින් බව අනාවරණය වී ඇත.
මෙලෙස රැගෙන ගොස් ඇති තඹ කම්බි සහ ඇණ ඇතුළු පාලමේ කොටස්වල වටිනාකම රුපියල් කෝටි 28කට අධික වන බව සැලකේ.
ජාතික වශයෙන් වටිනා සම්පතක් මෙන්ම ඇතිවිය හැකි ජීවිත අවදානම පිළිබඳව ද සලකා මේ සම්බන්ධයෙන් බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බව අවධාරණය කර සිටිනවා.


