දේශීය

ශ්‍රී ලංකාව ICC ශූරතාවය දිනා ගනී..

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය කණ්ඩායම අතර යි.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 244ක ඉලක්කයක් හබා ගිය නෙදර්ලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 105ක් පමණයි.

ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 128කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සහන් ආරව්විගේ ලකුණු 57ක්, පන්දු 71කින් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් (52), චරිත් අසලංක ලකුණු 36ක් (36), පැතුම් නිස්සංක ලකුණු 23ක් (33), වනිඳු හසරංග ලකුණු 29ක් (21) වශයෙන් රැස් කළා.

අවසන් තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු 04ක්  බිඳහෙළිමට සමත් වුණා.

දිල්ශාන් මදුශංක ලකුණු 18කට කඩුලු 03ක්, වනිඳු හසරංග කඩුලු 02ක් දවා ගත්තා.

ඒ අනුව ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago