Thursday, April 23, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව ICC ශූරතාවය දිනා ගනී..

ශ්‍රී ලංකාව ICC ශූරතාවය දිනා ගනී..

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය කණ්ඩායම අතර යි.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 244ක ඉලක්කයක් හබා ගිය නෙදර්ලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 105ක් පමණයි.

ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 128කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සහන් ආරව්විගේ ලකුණු 57ක්, පන්දු 71කින් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් (52), චරිත් අසලංක ලකුණු 36ක් (36), පැතුම් නිස්සංක ලකුණු 23ක් (33), වනිඳු හසරංග ලකුණු 29ක් (21) වශයෙන් රැස් කළා.

අවසන් තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු 04ක්  බිඳහෙළිමට සමත් වුණා.

දිල්ශාන් මදුශංක ලකුණු 18කට කඩුලු 03ක්, වනිඳු හසරංග කඩුලු 02ක් දවා ගත්තා.

ඒ අනුව ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

READ:   මිහින්තලයේ කැණීම් වලදී පුරාවස්තූන් රැසක් හමුවේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්