Thursday, June 11, 2026
Homeදේශීයරොටුඹ රසිකගේ ගෝලයන් 4ක් අත්අඩංගුවට

රොටුඹ රසිකගේ ගෝලයන් 4ක් අත්අඩංගුවට

මාකදුරේ මදූෂ්ගේ ගෝලයකු වන මහා පරිමාණ අපරාධකරුවකු වන රොටුඹ රසිකගේ ගෝලයන් සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාවරල සහ දෙයියන්දර පොලිස් වසමේ මුලටියන සහ මාකඳුර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීම් අතරතුර දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 36,43,44 සහ 51 වයස්වල පසුවන මුලටියන සහ මාකඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 80 සහ 9mm උණ්ඩ යෙදිය හැකි ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම මැගිසිනයක්, AK47 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් ද ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

මේ වනවිට රොටුඹ රසික නැමැත්තා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි.

READ:   BREAKING NEWS: 30වැනිදා බැංකු නිවාඩුවක් දුන් අති විශේෂ හේතුව මහ බැංකු අධිපති හෙළි කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්