Tuesday, June 9, 2026
Homeක්‍රීඩාස්කොට්ලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් ලැබූ නෙදර්ලන්තය ලෝක කුසලානයට

ස්කොට්ලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් ලැබූ නෙදර්ලන්තය ලෝක කුසලානයට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අතර පැවති තරගය කඩුලු 04කින් ජය ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒත් සමග නෙදර්ලන්තය මෙවර එක්දින ලෝක කුසලානය සඳහා අවස්ථාව හිමි කර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

එහිදී ස්කොට්ලන්තය වෙනුවෙන් Brandon Mcmullen ලකුණු 106ක් රැස් කළා.

Bas de Leede කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 42කයි පන්දු 5කදී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 278ක ඉලක්කය පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ නෙදර්ලන්තයේ Bas De Leede 6 පහර 5ක් සහ හතරේ පහර 7 ක් සමග ලකණු 123ක් ලබා ගත්තා.

නෙදර්ලන්තය ජයග්‍රාහණය කර ගෙන ගිය Logan van Beek ලකුණු 33ක් රැස් කළා.

READ:   ඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්