file
අව්වුවේලි පොලිස් වසමේ නීර්වේලි ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම ප්‍රදේශයේ පිරිසක් ඊයේ (28) රාත්‍රියේ නිවසකට පහරදෙන බවට හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ලඟාවීමෙන් පසු එම පිරිස් දිගින් දිගටම කලහකාරී ලෙස හැසිරී ඇති අතර එහිදී තත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියකු විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.
මේ අතර කලහාකාරීන්ගේ පහර කෑමට ලක්වූ පුද්ගලයෙකු යාපනය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.
එම තුවාලකරු වයස අවුරුදු 21 ක්වූ නීර්වේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මුහුණු පොත ඔස්සේ තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් මෙම කළහකාරී තත්වය හටගෙන ඇත.
මෙහිදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…
2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…
මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…
මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…