දේශීය

පුරාවිද්‍යා ස්මාරකයක් වූ ගජමන් නෝනාගේ නිවසට පරිත්‍යාග රැසක්…!


මාතර යුගයේ කීර්තිමත් කිවිඳියක වූ ගජමන් නෝනා කිවිඳිය විසූ නිවස පුරාවිද්‍යා පැරණි ස්මාරකයකි.

බ්‍රිතාන්‍ය යුගයේ වාස්තුවිද්‍යා ලක්ෂණ වලින් යුත් මෙම ස්මාරකය මාතර දිස්ත්‍රික්කයේ වේරගම්පිට වල්පොල දකුණ ග්‍රාම සේවා වසමේ පිහිටා ඇත.

රජයේ නිල නිවාසයක් ලෙස පැවති මෙම ගොඩනැගිල්ල 2010 වසරේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ පවතී. ගජමන් නෝනා කිවිඳිය පිලිබඳ තොරතුරු හා මාතර ඓතිහාසික තොරතුරු රැස් කරන ලද තොරතුරු මධ්‍යස්ථානයක් , කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් ස්ථාපිත කිරීමට අදාල සංවර්ධන සැලසුම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇත.

එම පුස්තකාලයේ ප්‍රයෝජනය සඳහා මේසයක් පුටු 06ක් පොත්පත් සහ සිතුවම් සහිත බිත්ති පුවරු හා ගජමන් නෝනාගේ පිළිරුවක ඡායාරූපයක් පරිත්‍යාග ලෙස ලැබී ඇත.

මෙම පරිත්‍යාග සිදු කර ඇත්තේ වසර 39 ක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින ඉන්ද්‍රසේන මුතුකුමාරණ මහතා විසිනි. ඔහු ගජමන් නෝනා කිවිඳියගේ ඥාති පරපුරේ අයෙකි.

2023. 06 .20 දින මෙම පරිත්‍යාග සිදු කිරීමේ අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල මාතර සහකාර අධ්‍යක්ෂක තුමිය දකුණු 04 නූපේ කලාප නිලධාරී ඇතුළු නිලධාරී හා සේවක පිරිස සහභාගී විය.

තවද මෙම අවස්ථාවට ඉන්ද්‍රසේන මුතුකුමාරණ මහතාගේ දියණියන් වන මහාචාර්ය රුවිනි මුතුකුමාරණ මහත්මිය සහ වෛද්‍ය තරංගා මුතුකුමාරණ මහත්මිය සහභාගී විය.

මෙම පරිත්‍යාග සිදුකළ සැමටත් , නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටත් ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ ( ගා/මා) වරියගේ ස්තූතිය මෙන්ම සමස්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගෞරවය පිරි නැමේ .

තොරතුරු සම්පාදනය සංවර්ධන නිළධාරී පී.ඩී.නිල්මිණි මහත්මිය විසිනි.

:Media unit Department of archaeology

file
file
file
file
file
file
file
file

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

3 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

3 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago