මාතර යුගයේ කීර්තිමත් කිවිඳියක වූ ගජමන් නෝනා කිවිඳිය විසූ නිවස පුරාවිද්‍යා පැරණි ස්මාරකයකි.
බ්‍රිතාන්‍ය යුගයේ වාස්තුවිද්‍යා ලක්ෂණ වලින් යුත් මෙම ස්මාරකය මාතර දිස්ත්‍රික්කයේ වේරගම්පිට වල්පොල දකුණ ග්‍රාම සේවා වසමේ පිහිටා ඇත.
රජයේ නිල නිවාසයක් ලෙස පැවති මෙම ගොඩනැගිල්ල 2010 වසරේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ පවතී. ගජමන් නෝනා කිවිඳිය පිලිබඳ තොරතුරු හා මාතර ඓතිහාසික තොරතුරු රැස් කරන ලද තොරතුරු මධ්‍යස්ථානයක් , කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් ස්ථාපිත කිරීමට අදාල සංවර්ධන සැලසුම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇත.
එම පුස්තකාලයේ ප්‍රයෝජනය සඳහා මේසයක් පුටු 06ක් පොත්පත් සහ සිතුවම් සහිත බිත්ති පුවරු හා ගජමන් නෝනාගේ පිළිරුවක ඡායාරූපයක් පරිත්‍යාග ලෙස ලැබී ඇත.
මෙම පරිත්‍යාග සිදු කර ඇත්තේ වසර 39 ක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින ඉන්ද්‍රසේන මුතුකුමාරණ මහතා විසිනි. ඔහු ගජමන් නෝනා කිවිඳියගේ ඥාති පරපුරේ අයෙකි.
2023. 06 .20 දින මෙම පරිත්‍යාග සිදු කිරීමේ අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල මාතර සහකාර අධ්‍යක්ෂක තුමිය දකුණු 04 නූපේ කලාප නිලධාරී ඇතුළු නිලධාරී හා සේවක පිරිස සහභාගී විය.
තවද මෙම අවස්ථාවට ඉන්ද්‍රසේන මුතුකුමාරණ මහතාගේ දියණියන් වන මහාචාර්ය රුවිනි මුතුකුමාරණ මහත්මිය සහ වෛද්‍ය තරංගා මුතුකුමාරණ මහත්මිය සහභාගී විය.
මෙම පරිත්‍යාග සිදුකළ සැමටත් , නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටත් ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ ( ගා/මා) වරියගේ ස්තූතිය මෙන්ම සමස්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගෞරවය පිරි නැමේ .
තොරතුරු සම්පාදනය සංවර්ධන නිළධාරී පී.ඩී.නිල්මිණි මහත්මිය විසිනි.
:Media unit Department of archaeology










