Tuesday, September 8, 2026
Homeදේශීයතද වැසි සමඟ තද සුළං ඇතිවිය හැකියි

තද වැසි සමඟ තද සුළං ඇතිවිය හැකියි

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින්) පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට (“මැන් ඩුවොස්”) වර්ධනය වී ඊයේ රාත්‍රී 11.30 වන විට අක්ෂාංශ 9.2N සහ දේශාංශ 84.6Eආසන්නයේ ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය තවදුරටත් බටහිරට බරවවයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට හැකියාව ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

READ:   බංකොළොත් භාවයට හේතු සෙවීමට පත් කළ සාභාවෙන් සජබය ඉවත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්