මෙවර LPL තරඟාවලිය ආරම්භ කරමින් Jaffna Kings සහ Galle Gladiator කණ්ඩායම් අද (06) තරඟ බිමට පිවිසුණා.
තරඟයේ කාසිය වාසිය දිනා ගත් Galle Gladiator ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම පන්දවාර 19 යි , පන්දු 5 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 137 ක් රැස් කළා.
Jaffna Kings වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු – 30, සොයිබ් මලික් ලකුණු – 30, ධනංජය ද සිල්වා ලකුණු – 29 ක් වශයෙන් ලබාගත්තා.
ලකණු 138 ක ඉලක්කයක් හබායෑම සඳහා පිටියට පිවිසි Galle Gladiator කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 113 ක් පමණයි.
Galle Gladiator කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු – 51 ක් ලබා ගත්තා.
ඒ අනුව LPL පළමු තරඟය ලකුණු 24 කින් ජය ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වූ අතර දුනිත් වෙල්ලාලගේ තරඟයේ වීරයා බවට පත්වුණා.



