file
වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුවිශේෂී සේවාවක් සපයයි. මේ සමගම වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත පොත් පිංචක්ද බෙදා හැරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සංවිධායක මණ්ඩලය කටයුතු කරයි.
පොසොන් පොහොය නිමිත්තෙන් ඓතිහාසික අනුරාධපුරයට පැමිණෙන මිලියන සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් මෙම අගනා සේවාව ලබාදීම සඳහා දශක තුනක් පුරා මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. මහමෙවුනා උයන, සිංහ කුළුණ, මිරිසවැටිය, ථූපාරාම සහ සඳ හිරු සෑය යන උප මධ්‍යස්ථාන පහක් හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මුලිකවම සම්බන්දිකරණය වන්නේ පෙත්මග හි පිහිට ඇති ප්‍රධාන මධස්ථානයේ සිටය. මෙම කාලසීමාව තුළ මෙම සේවාව පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අතර අතරමං වූ වයෝවෘද්ධ හා කුඩා දරුවන් ඇතුළු වන්දනාකරුවන් යළිත් තම පවුල් සමඟ එක්වීම සංවිධායකයින්ට හැඟීම්බර සහ සිතට සහනයක් ගෙන දෙන අත්දැකීමකි.
වගකිවයුතු ව්‍යාපාරයක් ලෙස, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරියේ ප‍්‍රජාවන්ගේ වැඩි දියුණුවට නිරතුරුව දායක වන ආයතනයකි. ශ‍්‍රී ලංකාව පුරා සමාජ-සංස්කෘතික තිරසාරත්වය තුලින් සමාජ ආර්ථික තිරසරභාවය පෝෂණය කිරීමේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන අංශ තුනක් ඔස්සේ එනම්, දැයේ දරුවන්ගේ අනාගතය, රටේ ප්‍රජාවගේ අභිවුර්ධිය සහ දේශීය සංස්කෘතිය නගාසිටුවීමට තම ප‍්‍රජ සත්කාර වැඩසටහන් දියත් කරයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…