Monday, April 20, 2026
Homeව්‍යාපාරිකශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්

වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කරයි. පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං  වූ පුද්ගලයන් සහ නැතිවු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුවිශේෂී සේවාවක් සපයයි. මේ සමගම වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත පොත් පිංචක්ද බෙදා හැරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සංවිධායක මණ්ඩලය කටයුතු කරයි.

file

පොසොන් පොහොය නිමිත්තෙන් ඓතිහාසික අනුරාධපුරයට  පැමිණෙන මිලියන සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් මෙම අගනා සේවාව ලබාදීම සඳහා දශක තුනක් පුරා මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්ක  ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. මහමෙවුනා උයන, සිංහ කුළුණ, මිරිසවැටිය, ථූපාරාම සහ සඳ හිරු සෑය යන උප මධ්‍යස්ථාන පහක් හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මුලිකවම සම්බන්දිකරණය වන්නේ පෙත්මග හි පිහිට ඇති ප්‍රධාන මධස්ථානයේ සිටය. මෙම කාලසීමාව තුළ මෙම සේවාව පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අතර  අතරමං වූ වයෝවෘද්ධ හා කුඩා දරුවන් ඇතුළු වන්දනාකරුවන් යළිත් තම පවුල් සමඟ එක්වීම සංවිධායකයින්ට හැඟීම්බර සහ සිතට සහනයක් ගෙන දෙන අත්දැකීමකි.  

වගකිවයුතු ව්‍යාපාරයක්  ලෙස, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරියේ  ප‍්‍රජාවන්ගේ වැඩි දියුණුවට නිරතුරුව දායක වන ආයතනයකි. ශ‍්‍රී ලංකාව පුරා සමාජ-සංස්කෘතික තිරසාරත්වය තුලින් සමාජ ආර්ථික තිරසරභාවය පෝෂණය කිරීමේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන අංශ තුනක් ඔස්සේ එනම්, දැයේ දරුවන්ගේ  අනාගතය, රටේ ප්‍රජාවගේ අභිවුර්ධිය සහ දේශීය සංස්කෘතිය නගාසිටුවීමට තම ප‍්‍රජ සත්කාර වැඩසටහන් දියත් කරයි. 

file
file
READ:   වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම සිය ස්ථිර ප්‍රාග්ධන සංචිතය තවදුරටත් ශක්තිමත් කිරීමට රු.මිලියන 500ක මූලික මහජන කොටස් නිකුත් කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්