දේශීය

මහා පරිමාණ ඖෂධ ජාවාරමක් ගැන හෙළිදරව්වක් (VIDEO)

සමාන්‍ය මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකියාව තිබියදී විශාල මුදලක් වැය කර ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසනවා.

මේ පිළිබඳ ලිපියක් අද (12) ජනාධිපති කාර්යාලය වෙත භාරදීමට පැමිණී අවස්ථාවේ දී ඔවුන් මෙම අදහස් පළ කර සිටියා.

දේශීය නිෂ්පාදන අතිරික්තයක් තිබියදී ශල්‍ය ගෝස් කැබැල්ල පවා විශාල පාඩුපිට පිටරටින් මිලදී ගැනීමට යන බව ඔවුන් පෙන්වා දෙනවා.

පුද්ගලික ලාබ අපෙක්ෂාවෙන් සිදුකරන මෙම ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් අමාත්‍යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ බරපතල අනතුරු දායක තත්වයක් ගැන ඔවුන් අවධාරණය කර සිටිනවා.

මේ පිළිබඳ විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago