දේශීය

මහා පරිමාණ ඖෂධ ජාවාරමක් ගැන හෙළිදරව්වක් (VIDEO)

සමාන්‍ය මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකියාව තිබියදී විශාල මුදලක් වැය කර ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසනවා.

මේ පිළිබඳ ලිපියක් අද (12) ජනාධිපති කාර්යාලය වෙත භාරදීමට පැමිණී අවස්ථාවේ දී ඔවුන් මෙම අදහස් පළ කර සිටියා.

දේශීය නිෂ්පාදන අතිරික්තයක් තිබියදී ශල්‍ය ගෝස් කැබැල්ල පවා විශාල පාඩුපිට පිටරටින් මිලදී ගැනීමට යන බව ඔවුන් පෙන්වා දෙනවා.

පුද්ගලික ලාබ අපෙක්ෂාවෙන් සිදුකරන මෙම ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් අමාත්‍යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ බරපතල අනතුරු දායක තත්වයක් ගැන ඔවුන් අවධාරණය කර සිටිනවා.

මේ පිළිබඳ විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

7 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

8 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

20 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

20 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

20 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago