Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ගැන නිර්දේශය ඉවතට?

ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ගැන නිර්දේශය ඉවතට?

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිළි නොගන්නා බව රජය පවසනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් පිළිබඳ කමිටුවේ තීරණය ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ යුතු යන්න රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම එම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව කිසිසේත් පිළිගත නොහැකි බවයි.

මේ අතර එම වාර්තාව පිළිබඳ අවසන් තීරණය ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමක දී ගන්නා බව රජයේ ආරංච් මාර්ග පවසනවා.

READ:   UPDATE: අංගොඩ රෝහලේ සිදුවූ මරණය සම්බන්ධයෙන් තවත් රෝහල් සේවකයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්