Wednesday, October 7, 2026
Homeදේශීයසුදුවෙන්න ගාන ක්‍රීම් ගැන අනතුරු ඇඟවීමක්

සුදුවෙන්න ගාන ක්‍රීම් ගැන අනතුරු ඇඟවීමක්

බහුතරයක් කාන්තාවන් සම සුදුවීම සඳහා භාවිතා කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු වන බව අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් එම ක්‍රීම් වර්ග ශරීරයේ ආලේප කිරීමෙන් පිළිකා සහ විවිධ රෝග ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

අලෙවිය සඳහා පිටකොටුව ප්‍රද්ශයේ තබා තිබූ ක්‍රීම් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් මෙම පරික්ෂණය පවත්වා තිබේ.

නිත්‍යානුකූල නොවන අයුරින් පාකිස්තානයෙන් ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර ආලේපන රැසක් එහිදී හමුවූ බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

ප්‍රමිතියෙන් තොර ආලේපන නිෂ්පාදනයන් මිලදී නොගන්නා ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්