Thursday, June 4, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂට අගමැතිකම දීමට යෝජනාවක්

මහින්ද රාජපක්ෂට අගමැතිකම දීමට යෝජනාවක්

අග්‍රාමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා ධූරය සඳහා පත් කර ගැනීමට වැඩපිළිවෙළක් යන බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ මිත්‍රයෝ එම යෝජනාව ගැන තම පක්ෂයද දැනුවත් කළ බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මහන්ද රාජපක්ෂ මහතා දැන් විවේක සුවයෙන් ගෙදර සිටිය යුතු නිසාත් අගමැති ධුරය වෙනස් කර රටේ ප්‍රශ්න වලට විසඳුම් සෙවිය නොහැකි නිසාත් මෙම උත්සහයට තම පක්ෂය සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසුවා.

READ:   ජල ගැලීම් හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය ගැන තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්