දේශීය

පොසොන් පුන් පොහෝ දිනය අදයි..

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා.

ධර්මාශෝක මහ රජුගේ පුත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස දඹදිව් තලයේ සිට මිහින්තලය පුදබිමේ මිස්සක පව්වට වැඩමකරවූයේ අද වැනි පොසොන් පුන් පොහෝ දිනකයි.

ඒ බුද්ධ වර්ෂ 236 දී යි.

දඩයමේ යමින් සිටි දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිවර තිසරණ සහිත පංච ශීලයේ පිහිටුවා ධර්මය දේශනා කරමින් සම්බුද්ධ ශාසනය ලක්දිව තුළ පිහිටුවූයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙනි.

මෙවර පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් අනුරාධපුරය මිහින්තලා පුදබිම, තන්තිරිමලය ඇතුළු පූජනීය ස්ථානයන්හි දාන ,ශීල , භාවනාවන්ට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සුවිශේෂී පොහොයක් වන පොසොන් පුර පසළොස්වක පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් රට පුරා බෞද්ධ ජනතාව මහත් හරසරින් සමරණු ලබයි.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

26 mins ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

40 mins ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago