file
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය මීට සුළු මොහොතකට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයගත්තා.
ඇෆ්ගනිස්ථානයේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 268 ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී චරිත් හසලංක ලකුණු 91 ක් (95), ධනංජය ද සිල්වා ලකුණු 51, පැතුම් නිස්සංක ලකුණු 38 ක් වශයෙන් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී තරගයේ 46 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී IBRAHIM ලකුණු 98 ක් (98) , RAHAMAT ලකුණු 55 ක් , HASHMATULLAH ලකුණු 38 ක් සහ NABI නොදැවී ලකුණු 22* ක් වශයෙන් රැස් කළා.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 2ක් සහ ලහිරු කුමාර සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.
ඒ තවත් පන්දුවාර 3.1ක් ඉතිරිව තිබියදී.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…