දේශීය

‘ඇඩ්‍රස් නෑ චිත්‍රපටියේ’ ගීතයකට සන්තුෂ්ට ඇඩ්‍රස් නැතිවෙයි..

‘ඇඩ්‍රස් නෑ චිත්‍රපටියේ’ මේ බජාර් එකට මල්ලී ගීතය ප්‍රතිනිර්මාණය කර වෙළඳ දැන්වීම්වලට යොදා ගැනීම සහ සමාඊ මාධ්‍ය තුළ මුදාහැරීම වළකාලමින් අධිකරණය විසින් අතුරු නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කළ එම ගීතය සංගීතවත් කළ රෝහණ වීරසිංහ මහතා විසින් සන්තුෂ් වීරමන්, සරිගම මියුසික්, සරිගම ෆිල්ම්ස් ඇතුළු වික්තිකාර ආයතන කිහිපයකට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ අධිකරණය විසින් එම තීරණය ලබා දී තිබේ.

ආර්ථික අයිතිවාසිකම් හා බුද්දිමය දේපළ උල්ලංඝනය කරමින් අදාළ වික්තිකරුවන් විසින් එම ගීතය භාවිත කර ඇති බවට ගොනුකර තිබූ පැමිණිල්ල සලකා බැලූ අධිකරණය විසින් ගීතය කුමන ආකාරයෙන් හෝ ප්‍රතිනිර්මාණය කිරීම, සෘජුව හෝ වක්‍රව වෙළඳ දැන්වීම් සඳහා යොදා ගැනීම හා පිටපත් නිර්මාණය කිරීම වළක්වාලමින් නියෝගය නිකුත් කර ඇත.

ජැක්සන් ඇන්තනී මහතා අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටිය සඳහා නිර්මාණය කළ ‘මේ බජාර් එකට මල්ලී..’ ගීතය ගයාන් පෙරේරා මහතා විසින් ගායනා කර තිබුණා.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

9 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

9 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

22 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

22 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

22 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago