Tuesday, July 21, 2026
Homeදේශීය"කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි" - ජනපති අවධාරණය කරයි

“කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි” – ජනපති අවධාරණය කරයි

කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

“කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම” පිළිබඳව පසුගිය දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔහු ඒ බව පැවසුවා.

කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව පැවසූ ජනාධිපතිවරයා කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි එම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බව වැඩිදුරටත් සඳහන් කළා.

READ:   සෞදියේ සිටි 2400ක් ලාංකිකයන් යළි ඇවිත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්