file
මීට වසරකට පෙර රට වැටී තිබූ තත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා අද (01) ජාතිය අමතමින් මේ බව පැවසුවා.
උද්ධමනය ඉහළ ගොස්, ආහර හිගව, විදෙස් ණය ගෙවාගන්නට බැරිව රට බංකොලොත්ව පෝලිම්වල සිටීමට සිදු වූ එම යුගය අද සමහරුන්ට අමතකව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
එවන් අසීරු අවස්ථාවක රට භාරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමට තමන් කටයුතු කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව දුර්වලවෙමින් තිබූ ආර්ථිකය යළිත් කිසියම් ස්ථාවරත්වයකට පත්ව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
සමහර කණ්ඩායම් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරමින් ජනතාව මුලා කරන බව ජනාධිපතිවරයා පැවසුවා.
රට ඉදිරියට ගන්න සෑම මොහොතකම ඔවුන් රට විකුණනවා යන සටන් පාඨය ඉදිරියට ගනිමින් රටේ ගොඩනැගීම කඩා වට්ටන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
2048 වන විට පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනට සියලු දෙනා එකතු විය යතු බවත් එසේ නොවුනහොත් රට යළිත් ආපස්සට ගමන් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
ජනපති සිදුකරන විශේෂ ප්‍රකාශය විඩියෝව පහතින්,
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…