Friday, July 24, 2026
Homeදේශීයවසරකට කලින් තිබූ තත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩදෙන්නැහැ - ජනපති

වසරකට කලින් තිබූ තත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩදෙන්නැහැ – ජනපති

මීට වසරකට පෙර රට වැටී තිබූ තත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා අද (01) ජාතිය අමතමින් මේ බව පැවසුවා.

උද්ධමනය ඉහළ ගොස්, ආහර හිගව, විදෙස් ණය ගෙවාගන්නට බැරිව රට බංකොලොත්ව පෝලිම්වල සිටීමට සිදු වූ එම යුගය අද සමහරුන්ට අමතකව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එවන් අසීරු අවස්ථාවක රට භාරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමට තමන් කටයුතු කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව දුර්වලවෙමින් තිබූ ආර්ථිකය යළිත් කිසියම් ස්ථාවරත්වයකට පත්ව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

සමහර කණ්ඩායම් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරමින් ජනතාව මුලා කරන බව ජනාධිපතිවරයා පැවසුවා.

රට ඉදිරියට ගන්න සෑම මොහොතකම ඔවුන් රට විකුණනවා යන සටන් පාඨය ඉදිරියට ගනිමින් රටේ ගොඩනැගීම කඩා වට්ටන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

2048 වන විට පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනට සියලු දෙනා එකතු විය යතු බවත් එසේ නොවුනහොත් රට යළිත් ආපස්සට ගමන් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ජනපති සිදුකරන විශේෂ ප්‍රකාශය විඩියෝව පහතින්,

READ:   A/L පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් කරන දිනය ගැන දැනුම් දීමක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්