Sunday, June 28, 2026
Homeක්‍රීඩාගුජරාට් ටයිටන්ස් අයි.පී.එල් අවසන් මහ තරගයට

ගුජරාට් ටයිටන්ස් අයි.පී.එල් අවසන් මහ තරගයට

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඒ ඊයේ (26)මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය ජය ගැනීමත් සමගයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩලු 03 ක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළා.

ලකුණු 234 ක දැවැන්ත ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171 පමණයි.

එ අනුව හෙට (27) පැවැත්වෙන අයි.පී.එල් අවසන් මහ තරගයට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.

මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම එහිදී තරග වැදීමට නියමිතයි.

READ:   ඉන්දි­යා­වෙන් තවත් බිත්තර කෝටි 3ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්