Wednesday, April 15, 2026
HomeදේශීයPassport එක දවස් තුනෙක් ගෙදරටම එන විදිහ

Passport එක දවස් තුනෙක් ගෙදරටම එන විදිහ

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරන ‘1O1 කතා’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයඳුම් කළ හැකි අතර, අනතුරුව ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදු කළ යුතු වේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර තිබෙන බවත්, මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී ඇති බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   බලපිටිය අධිකරණය අසල වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්