file
ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මගින් නිරාවරණය කිරීම වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බව ළමයින් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසනවා.
ඇය මේ බව පැවසුවේ පසුගියදා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන වන පරිවාස සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා රක්ෂක අධිකාරිය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය, ස්වාධින රූපවාහිනි
සේවය, ලේක්හවුස් ආයතනය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන රාජ්‍ය මාධ්‍ය ආයතන මෙම සංසදය වෙත කැඳවා ඇත.
විශේෂයෙන් ළමා අපයෝජන සහ ළමා අපචාර සිදු වන අවස්ථා වලදී ළමයින්ගේ අනන්‍යතාවන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම මගින් අදාළ දරුවන්ගේ ජීවිත වලට විශාල බලපෑමක් එල්ල වන බව මෙහිදි සාමජික මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දී තිබේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…