දේශීය

සිංගප්පූරුවේදී මිය ගිය ගෘහසේවිකාවගේ මරණය ගැන තොරතුරු තවම වාර්තා වෙලා නෑ – ගීතා කුමාරසිංහ (VIDEO)

සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි එම කාර්යංශය පැවසුවේ.

මේ අතර විදෙස් රටවල රැකියා කරන කාන්තාවන් තමන්ට කරදරයක් ගැටලුවක් ඇත්නම් හැකි ඉක්මනින් කිට්ටු තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙස කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

ගෘහ සේවිකාව මිය යෑමට පෙර තමන්ට එරට දී කරදර සිදුවන බවට කර ඇති පටිගත කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමේ දී අමාත්‍යවරිය මේ බව පැවසුවා.

කෙසේවෙතත් අදාළ ගෘහසේවිකාවගේ මරණයට සම්බන්ධ තොරතුරු කිසිවත් මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා වී නැති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ විඩියෝව පහතින්,

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago