සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි එම කාර්යංශය පැවසුවේ.
මේ අතර විදෙස් රටවල රැකියා කරන කාන්තාවන් තමන්ට කරදරයක් ගැටලුවක් ඇත්නම් හැකි ඉක්මනින් කිට්ටු තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙස කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
ගෘහ සේවිකාව මිය යෑමට පෙර තමන්ට එරට දී කරදර සිදුවන බවට කර ඇති පටිගත කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමේ දී අමාත්‍යවරිය මේ බව පැවසුවා.
කෙසේවෙතත් අදාළ ගෘහසේවිකාවගේ මරණයට සම්බන්ධ තොරතුරු කිසිවත් මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා වී නැති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
අදාළ විඩියෝව පහතින්,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…