Tuesday, September 8, 2026
Homeදේශීයසිංගප්පූරුවේදී මිය ගිය ගෘහසේවිකාවගේ මරණය ගැන තොරතුරු තවම වාර්තා වෙලා නෑ -...

සිංගප්පූරුවේදී මිය ගිය ගෘහසේවිකාවගේ මරණය ගැන තොරතුරු තවම වාර්තා වෙලා නෑ – ගීතා කුමාරසිංහ (VIDEO)

සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි එම කාර්යංශය පැවසුවේ.

මේ අතර විදෙස් රටවල රැකියා කරන කාන්තාවන් තමන්ට කරදරයක් ගැටලුවක් ඇත්නම් හැකි ඉක්මනින් කිට්ටු තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙස කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

ගෘහ සේවිකාව මිය යෑමට පෙර තමන්ට එරට දී කරදර සිදුවන බවට කර ඇති පටිගත කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමේ දී අමාත්‍යවරිය මේ බව පැවසුවා.

කෙසේවෙතත් අදාළ ගෘහසේවිකාවගේ මරණයට සම්බන්ධ තොරතුරු කිසිවත් මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා වී නැති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ විඩියෝව පහතින්,

READ:   මහ වැසි නොතකා ක්‍රිකට් පිටිය ආරක්ෂා කළ කාර්ය මණ්ඩලයට අ.මෙ ඩොලර් 50,000ක ත්‍යාගයක්. තරගයේ වීරයාත් දායක වෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්