දේශීය

යතුරුපැදි අනතුරකින් 24 හැවිරිදි යුවලක් ජීවිතක්ෂයට

රත්නපුර, පැල්මඩුල්ල මාර්ගයේ තිරිවානකැටිය ඉන්ධන හල අසලදී රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව එම දිශාවටම ධාවනය වූ බස් රථයක ගැටී අනතුරක් සිදුවුණා.

බස් රථයෙහි පිටුපස ගැටී ඇති යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ද ගැටී අනතුරට ලක්ව ඇත.

ඊයේ (12) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාලලැබූ පැදිකරු සහ යතුරුපැදියේ සිටි තරුණිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

අනතුරින් මියගිය තරුණයා වයස අවුරුදු 24 ක් වූ පුද්ගලයෙක් වන අතර මියගිය තරුණිය වයස අවුරුදු 24 ක් වූ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago