රත්නපුර, පැල්මඩුල්ල මාර්ගයේ තිරිවානකැටිය ඉන්ධන හල අසලදී රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව එම දිශාවටම ධාවනය වූ බස් රථයක ගැටී අනතුරක් සිදුවුණා.
බස් රථයෙහි පිටුපස ගැටී ඇති යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ද ගැටී අනතුරට ලක්ව ඇත.
ඊයේ (12) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාලලැබූ පැදිකරු සහ යතුරුපැදියේ සිටි තරුණිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
අනතුරින් මියගිය තරුණයා වයස අවුරුදු 24 ක් වූ පුද්ගලයෙක් වන අතර මියගිය තරුණිය වයස අවුරුදු 24 ක් වූ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…