Friday, June 5, 2026
Homeදේශීයයතුරුපැදි අනතුරකින් 24 හැවිරිදි යුවලක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් 24 හැවිරිදි යුවලක් ජීවිතක්ෂයට

රත්නපුර, පැල්මඩුල්ල මාර්ගයේ තිරිවානකැටිය ඉන්ධන හල අසලදී රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව එම දිශාවටම ධාවනය වූ බස් රථයක ගැටී අනතුරක් සිදුවුණා.

බස් රථයෙහි පිටුපස ගැටී ඇති යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ද ගැටී අනතුරට ලක්ව ඇත.

ඊයේ (12) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාලලැබූ පැදිකරු සහ යතුරුපැදියේ සිටි තරුණිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

අනතුරින් මියගිය තරුණයා වයස අවුරුදු 24 ක් වූ පුද්ගලයෙක් වන අතර මියගිය තරුණිය වයස අවුරුදු 24 ක් වූ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   පළාත් 5කට මි.මී 100 ඉක්මවූ වැසි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්