Tuesday, July 28, 2026
Homeදේශීයගම්පොළ හඬවා 22හැවිරිදි ෆාතිමාගේ නිසල දේහය ගොඩගැනේ..

ගම්පොළ හඬවා 22හැවිරිදි ෆාතිමාගේ නිසල දේහය ගොඩගැනේ..

ඝාතනය කර වළ දමා තිබූ බව පැවසෙන ගම්පොල, වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නම් තරුණියගේ දේහය ගොඩ ගෙන තිබේ.

ඒ තරුණියගේ ඝාතනය පිළිබඳව අත්අඩංගුවට ගෙන සිටින සැකකරු හෙළි කළ තොරතුරු අනුවයි.

ඒ අනුව දින 6 ක් පුරා අතුරුදන්ව සිටි 22 හැවිරිදි ෆාතිමාගේ සිරුර අද (13) ගොඩගැණුනා.

ඇයගේ දේහය පවුලේ ඥාතින් විසින් හඳුනාගෙන තිබේ.

ගම්පොළ ඔසුසලක සේවය කර ඇති ෆාතිමා සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී සැකකරු විසින් ඇයට අතවර කිරීමට උත්සහ කර ඇති අතර ඊට අකමැති වීම හේතුවෙන් අසල කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ඇය ඝාතනය කර වළදැමූ බව සැකකරු ප්‍රකාශ කර ඇත.

READ:   තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ඉල්ලා මැති ඇමතිවරුන්ගෙන් කථානායකට ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්