පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හා සම්බන්ධවීමට තරුණ නියෝජිතයින්ට අවස්ථාව සලසා දුන් ලොව පළමු රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද (13) බත්තරමුල්ල වෝටර්ඒජ් හි පැවති පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කරක සභා නියෝජිත වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
තම රජය තරුණයින් ඉල්ලු ක්‍රම වෙනස ලබා දුන් රජයක් බව ජනාධිපතිවරයා පවසනවා.
අද දවසේ යුතුකම් ඉටුකර තවත් වසර 25කින් ආඩම්බරයෙන් කතා කළ හැකි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට සහය දක්වන ලෙස ජනාධිපතිවරයා තරුණයින්ගෙන් ඉල්ලා සිටියා.
2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට උපරිමයෙන් දායක වීඹට තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකශ කළා.
එහ අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ලබාගනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.








