තමන්ට එරෙහිව ජාතික සංවිධායක දුම්න්ද දිසානායක විසින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සිය අදහස් පළ කර සිටිනවා.
එම ලිපියෙහි කරුණු සම්පූර්ණ අසත්‍ය වන බැවින් තමන් එම ලිපිය ගැන කිසි තැකීමක් නොකරන බව දයාසිරි ජයසේකර පවසනවා.
පක්ෂ සමාජිකත්වය ද අහිමි දුමින්ද දිසානායක පක්ෂය ඇතුලේ වන කිසි දෙයක් නොදන්නා බව ඔහු ප්‍රකාශ කරනවා. එමෙන්ම දුමින්ද දිසානායක ඇතුළු අය පක්ෂය පාවාදීමට කටයුතු කළ ආකාරය ගැන කරුණු දක්වා, පිළිතුරු වශයෙන් පොතක් වුනත් ලියන්න සූදානම් බව මෛත්‍රීවරයා පැවසුවා.
නිදහස් පක්ෂය දුර්වල කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව දන්වමින් පිටු 8 කින් යුතු එම ලිපිය දුමින්ද දිසානායක විසින් පක්ෂ සභාපතිවරයාට ඉදිරිපත් කර තිබුණා.
දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දැක්වූ විඩියෝව පහතින්,
දුමින්ද දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට යවා තිබූ ලිපිය පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…