Wednesday, July 15, 2026
HomeදේශීයUPDATE: 16 හැවිරිදි සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්.. (VIDEO)

UPDATE: 16 හැවිරිදි සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්.. (VIDEO)

16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබෙනවා.

මේ අතර සැකකරු හෘද රෝගයෙන් පෙලෙන පුද්ගලයකු බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

සැකකරුට ආරක්ෂාව සැලසීම බන්ධනාගාරයේ සහ අධිකරණයේ වගකීමක් බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රකාශ කර තිබේ.

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන පෙරේදා (10) කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබුණා.

සිසුවියගේ මරණය සම්බන්ධ නඩුව ලබන මැයි 26 යළි කැඳවීමට නියමිතයි.

READ:   ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්