Saturday, July 25, 2026
HomeදේශීයUPDATE: කළුතර පාසල් සිසුවිය මියයෑම සම්බන්ධයෙන් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

UPDATE: කළුතර පාසල් සිසුවිය මියයෑම සම්බන්ධයෙන් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

පස්මහල් ගොඩනැගිල්ලෙන් අද වැටී මියගිය පාසල් සිසුවිය එදින අදාළ ලැගුම්හලට පැමිණෙන මොහොතේ පිළිගැනීමේ නිලධාරිය ලෙස කටයුතු කල තැනැත්තිය මෙලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබේ.

මියගිය සිසුවියගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමක් නොකර ඒ වෙනුවට වෙනත් වැඩිහිටි අයෙකුගේ හැදුනුම්පතක් ලබා ගෙන ලිංගික කටයුතු සඳහා ලැගුම්හලේ කාමරයක් ලබා දීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවෙයි.

අදාළ නඩුව ලබන මැයි 15 වනදා යළි කැඳවීමට නියමිතයි.

READ:   අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්