Friday, August 14, 2026
Homeදේශීයආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාව අනුබල දෙන්නේ නැහැ -...

ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාව අනුබල දෙන්නේ නැහැ – ජනපති

ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංච ශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කරයි.

READ:   ජනපති චීනෙට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්