Sunday, April 19, 2026
HomeදේශීයBMICH එකට වසර 50යි: විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරේ..

BMICH එකට වසර 50යි: විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරේ..

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඉදිකර වසර 50ක් පිරීම නිමිත්තෙන් රුපියල් 25ක් වටිනා සමරු මුද්දරයක් අද(11) නිකුත් කරනු ලැබුවා.

ඒ, ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති විශේෂ උත්සවයකදී.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවා.

1973 වසරේ මැයි 17වැනිදා ජනතා අයිතියට පත් කළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව චීන රජයෙන් මෙරටට ලබාදුන් ත්‍යාගයක්.

ඒ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන් සිහිවීම වෙනුවෙන්.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව තුළ
භාෂා 07කට එකවර පරිවර්තනය කළ හැකි පහසුකම් සහ එකවර පුද්ගලයින් 1500කට ආසන පහසුකම් ද තිබෙන විශාල සම්මන්ත්‍රණ ශාලාවක් තිබෙනවා.

මීට අමතරව සාකච්ඡා කිරීමට පහසුකම් ඇති විවිධ ප්‍රමාණයේ කුටි 06කින් ද, විවේකාගාරයකින් ද, උත්සව ශාලාවකින් ද, සිනමා ශාලාවකින් හා කාර්යාලයීය කාමර ගණනාවකින් ද සමන්විතයි.

මන්දිර භූමියේ සම්පූර්ණ වපසරිය වර්ග මීටර 32000 කට අධිකයි.

READ:   ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් - ජනපති අවධාරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්