Wednesday, September 9, 2026
HomeදේශීයUPDATE: පියත් නිකේෂලට සහ කඩුවෙල හිටපු උප නගරාධිපතිට ඇප..

UPDATE: පියත් නිකේෂලට සහ කඩුවෙල හිටපු උප නගරාධිපතිට ඇප..

අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂලට සහ කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න ඇප මත මුදා හැරියා.

ඒ , මහේස්ත්‍රාත්වරයා අද(11) ඔවුන් දෙදෙනා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලට සහ මුල්ලේරියාව මුලික රෝහල වෙත පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඊයේ(10) සිදු වූ පහරදීමකින් පසු සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.

ඔහු චෝදනා කළේ, කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න තමන්ට පහර දුන් බවයි.

ඒ අනුව චන්දික අබේරත්න අත්අඩංගුවට ගත්තා.

අනතුරුව කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න කළ පැමිණිල්ලකට අනුව පියත් නිකේෂලත් රෝහලේදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

READ:   ප්‍රදේශ කිහිපයකට වැසි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්