Monday, September 14, 2026
Homeදේශීයමුතු රාජා සමු දෙයි...

මුතු රාජා සමු දෙයි…

තායි රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මුතු රාජා හස්තියා හෙට (02) යළි මෙරටන් තායිලන්තය දක්වා රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හස්තියා රැගත් රුසියානු ගුවන් යානයක් හෙට අලුයම 03.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිතයි.

තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටබ ලැබුණු සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියාට නිසි සැලැකිල්ලක් නොලැබීම හේතුවෙන් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන බව තායි රජයේ අවධානයට ලක්ව ඇති අතර ඉන් පසු හස්තියා යළි එරටට ගෙන්වා ගැනීමට තායි බලධාරීන් තීරණය කළා.

මේ අතර මුතුරාජා මෙරටින් රැගෙන නොයෙන ලෙස ඉල්ලා පසුගිය දා මෙරට දී විරෝධතාවක් ද සංවිධානය කර තිබුණා.

file
file
file
file
file
READ:   චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂයින් ජනපති හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්