Saturday, September 12, 2026
Homeදේශීයනාඳුනන මළ සිරුරක් වෙරළ තීරයට ගොඩ ගසයි...

නාඳුනන මළ සිරුරක් වෙරළ තීරයට ගොඩ ගසයි…

අඩුප්පුව පොලිස් වසමේ පෙරියපාඩුව මුහුදු වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

ඊයේ (30) උදෑසන වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩගසා ඇති බවට උඩුප්පුව පොලිසිය ට තොරතුරක් ලැබී ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර යටි කයට කළුපාට කොට කලිසමක් හැඳ ඇති මරණකරුගේ මළ සිරුර හඳුනාගත නොහැකි ලෙස විකෘති වී ඇති බව පොලිසිය පවසනවා.

මෘත දේහය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මරණකරු කවුරුත්ද යන්න හඳුනා ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   හෙද සේවයේ විශ්‍රාම ගිය සේවකයින් යළි සේවයට එක්කරන නියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්