Tuesday, June 2, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව අද රැස්වෙයි..

පාර්ලිමේන්තුව අද රැස්වෙයි..

අද (01) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

එහිදී දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳ වන යෝජනා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

එම විවාදය අද පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වේ.

විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30ට පැවැත්වීමට තීරණය කර ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳවන යෝජනා සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය ඊයේ (30) හිමිවුණා.

මේ අතර දේශීය ණය ප්‍රශස්තිකරණ යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

READ:   රනිල් පාර්ලිමේන්තු එන ඉදිරි සතිය ගැන පක්ෂ නායක රැස්වීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්