Wednesday, April 22, 2026
Homeදේශීයවර්ජනයෙන් රුපියල් කෝටි 400ක පාඩුවක්

වර්ජනයෙන් රුපියල් කෝටි 400ක පාඩුවක්

වරාය , දුම්රිය , සෞඛ්‍ය, ලංවීම, තැපැල් ඇතුළු රාජ්‍ය ආයතන විසින් ඊයේ (15) දිනයේ ක්‍රියාත්මක කළ වැඩවර්ජන ක්‍රියාමාර්ගය නිසා දළ වශයෙන් රුපියල් කෝටි 400කට (බිලියන 4) වැඩි පාඩුවක් සිදුවන්ට ඇතැයි අපේක්ෂා කරන බව රජයේ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

වැඩවර්ජන ක්‍රියාමාර්ගය නිසා රජයේ ආයතනවල දෛනික ඉපැයීම් අඩාලවීම මීට හේතුව බව සඳහන් වෙනවා.

රටේ සමස්ත දෛනික අදායම වන රුපියල් කෝටි 1000ක (බිලියන 10ක) පමණ වන අදායමට වර්ජනය නිසා සැළකිය යුතු බලපෑමක් සිදුව ඇති බවත් එම අහිමි වූ ආදායම පිළිබඳව නිසි ගණනයක් සිදු කිරීම අපහසු බවත් මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් රජයේ පුවත්පතකට පවසා තිබුණා.

READ:   මන්ත්‍රීවරුන්ගේ නොහොබිනා හැසිරීමට එරෙහිව ඔන්ලයින් පෙත්සමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්