Wednesday, April 15, 2026
Homeදේශීයවැඩවර්ජනය අසාර්ථකයි

වැඩවර්ජනය අසාර්ථකයි

ඊයේ (15) දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ වැඩවර්ජන ක්‍රියාමාර්ගය අසාර්ථක බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

රජයේ බැංකු සේවය ශාඛා ඇතුළු අනෙකුත් රාජ්‍ය අයතන බොහොමයක් සමාන්‍ය පරිදි ඊයේ සේවා පවත්වාගෙන ගිය බව ඔහු පෙන්වා දෙනවා. දුම්රිය සේවයේ වෘත්තීය සමිති 86න් වෘත්තීය සමිති දෙකක් පමණක් වැඩවර්ජනයට එක්ව ඇති බව ඔහු සඳහන් කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමාන්‍ය පිරිසක් පමණක් වර්ජනයට එක්වූ බවත් විදුලිබල, වරාය සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල වැඩවර්ජනයන් වෙනුවට උද්ඝෝෂණ පමණක් ක්‍රියාත්මක වූ බව ඒ මහතා ප්‍රකාශ කළා.

වෘත්තීය සංගම් එකමුතුව විසින් ඊයේ (15) පැවැත්වූ වැඩවර්ජන ක්‍රියාමාර්ගය 60%කින් පමණ අසාර්ථක බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

READ:   ගාලුමුවදොරදී දරුවන් පිලිබඳව පොලිසිය කටයුතු කළ ආකාරය ගැන පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්