Friday, August 14, 2026
HomeදේශීයUPDATE: පාසල් සිසුවිය මියයෑමට සම්බන්ධ කළුතර පස්මහල් ගොඩනැගිල්ල ගැන පරීක්ෂණයක්..

UPDATE: පාසල් සිසුවිය මියයෑමට සම්බන්ධ කළුතර පස්මහල් ගොඩනැගිල්ල ගැන පරීක්ෂණයක්..

16 හැවිරිදි සිසුවියක් මියයෑමට සම්බන්ධ කළුතර පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකර ඇද්ද, යන්න සොයා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

නිසි ප්‍රමිතියට අදාළ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේද එය අනවසර ඉදිකිරීමක් ද යන්න සම්බන්ධයෙන් මෙහිදී පරික්ෂණය පවත්වයි.

හෙට (12) දිනය ඇතුළත එම පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ.

යම් හෙයකින් නිසි ප්‍රමිතියෙන් තොරව හෝ අනවසරෙන් එම ගොඩනැගිල්ල ඉදිකර ඇති බව සනාත වුවහොත් හෝටලයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පවතින බවයි නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

READ:   සින්දු කියන්න ලොකු ගානක් ගන්නවා කියන අංජලීට දමිත් අසංකගෙන් පණිවිඩයක් (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්