Saturday, April 18, 2026
Homeදේශීයබාලවයස්කාර හිමිනමකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමි නමක් ඇතුළු හිමිවරුන්...

බාලවයස්කාර හිමිනමකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමි නමක් ඇතුළු හිමිවරුන් තුන් නමක් අත්අඩංගුවට

බාලවයස්කාර හිමිනමකට අතවර කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන් නමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර තුනක කාලයක් පමණ සිට සමානේර හිමි නම බරපතල ලිංගික අතවරවලට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 43 සහ 17 යන වයස්වල පසුවන කළුතර ,පයාගල ගොරකදෙනිය විහාරස්ථානයක වැඩවසන හිමිවරන් තුන් නමක් බව සඳහන්.

අතවරයට ලක් වූ සාමනේර හිමිනමගේ මව විසින් කල පැමිණිල්ලකට අනුව අදාළ හිමිවරුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී උන්වහන්සේලා එම විහාරස්ථානයෙන් පලාගොස් ඇති බව වාර්තා වෙනවා.

පලාගොස් සිටි එම හිමිවරුන් අද පයාගල පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත්ව ඇති සාමනේර හිමි නම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත.

සැකකාර හිමිවරුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් බව පොලිසිය

පවසනවා.

ඊට අදාළ විඩියෝ දර්ශන පහතින්,

file
file
file
READ:   ඉන්ධන ගැන දැනුම්දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්