දේශීය

16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට (VIDEO)

කළුතර ලැගුම්හලක් අසළ දුම්රිය මාර්ගයේ තිබී සොයාගත් 16 හැවිරිදි තරුණියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සැකකරු හික්කඩුව ප්‍රදේශයේ දී අද (09) අලුයම අත්අඩංගුවට පත් වූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 29 ක් වූ පුද්ගලයෙකි.

ඉකුත් 06 වනදා කළුතර ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී 16 හැවිරිදි තරුණියගේ නිරුවත් මළ සිරුර හමුවුණා.

මියගිය කාන්තාව තවත් කාන්තාවත් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සමග අසල හෝටලයට 6 වනදා සවස පැමිණ එහි කාමර දෙකක් කුලියට ගෙන රැදී සිට ඉන්පසුව එක් කාන්තාවක් සහ පුද්ගලයෙක් පිටව ගොස් ඇති අතර පසුව මරණකාරිය සමඟ සිටි පුද්ගලයා ද හෝටලයෙන් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබුණා.

පසුව සිද්ධියට සැකපිට අනෙක් තරුණයා හා තරුණිය අත්අඩංගුවට ගැණුනු අතර ප්‍රධාන සැකකාර තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ මව දැක්වූ අදහස් සහිත විඩියෝව පහතින්,

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

14 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

14 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago